රොබින්සන්ගේ තරග තහනමට බ්‍රිතාන්‍ය අගමැතිත් එරෙහි වෙයි

Date:

ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ පල කිරීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට එරෙහිව තාවකාලික ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය ගත් තීරණය විවේචනය කරමින් බ්‍රිතාන්‍ය රජයේ සංස්කෘතික දෙපර්තමේන්තු ලේකම්වරයා කළ ප්‍රකාශය එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද අනුමත කර තිබෙනවා.

ලේකම් Oliver Dowden ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ ඔලී රොබින්සන් පල කර තිබූ අදාළ ට්විටර් පණිවිඩ වැරැදි සහගත වුවත් ඒවා පල කර මේ වන විට දශකයකට ආසන්න කාලයක් ගතව ඇති බවයි.

එමෙන්ම එම ට්විටර් පණිවිඩ ඔහු තරුණයෙකු ලෙස සිටින අවධියේ දී පල කර තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඔහු මේ වන විටත් කනගාටුව ප්‍රකාශ කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නා.

එංගලන්ත ක්‍රිකට් ආයතනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස සීමාව ඉක්මවා කටයුතු කර ඇති බවයි ඔහු සදහන් කළේ.

ඒ අනුව ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයට යළි සිතා බැලිය යුතු බව ද සංස්කෘතික ලේකම්වරයා අවධාරණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකවරයා සදහන් කර ඇත්තේ ලේකම්වරයා කළ ප්‍රකාශය සදහා අග්‍රාමාත්‍යවරයා ද සහාය දක්වන බවයි.

අදාළ ට්විටර් පණිවිඩ දශකයකට පමණ පෙර යෞවනයෙකු ලෙස පල කළ ට්විටර් පණිවිඩ බවත්, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ඔහු කනගාටුව ප්‍රකාශ කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයා ද පෙන්වා දී තිබෙනවා.

2012 – 2013 වසරවලදී 18 – 19 හැවිරිදි වියේ පසු වූ ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබූූ අතර, නවසීලන්තයට එරෙහිව පසුගියදා නිමූ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු වසර 8කට පෙර තමා අතින් සිදු වූ එම වරද සම්බන්ධයෙන් කනගාටුව පල කර තිබුණා.

ඒ, තරගයේ පළමු දිනය ක්‍රියාත්මක වන අතරවාරයේ දී අදාළ ට්විටර් පණිවිඩ යළි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම හේතුවෙන්.

එම ටෙස්ට් තරගය ඔලී රොබින්සන් ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගය වීම විශේෂත්වයක්.

තරගයේ දී ඔහු කඩුලු 7ක් දවා ගත්ත ද, අදාළ සිද්ධිය පිළිබද පරීක්ෂණ අවසන් වන තුරු ඔහුට එරෙහිව තාවකාලික ජාත්‍යන්තර තරග තහනමක් පැනවීමටයි එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...