ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.
ෂ්රෙයස් අයියර්ගේ නායකත්වයෙන් හා තිලක් වර්මාගේ නායකත්වයෙන් නම් කර ඇති ප්‍රබල ඉන්දීය සංචිතයට ජස්ප්‍රිට් බුම්රා පවා ඇතුළත්.
ඉන්දියාව සිය ප්‍රබලම සංචිතය ක්‍රීඩා උළෙල සදහා නම් කළත්, ශ්‍රී ලංකාවට සිය ප්‍රබලම සංචිතය එම ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය සදහා නම් කිරීමට නොහැකි වනු ඇති.
ඊට හේතුව වී ඇත්තේ ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලයේදීම ශ්‍රී ලංකාව එංගලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බැවින්.
එක්දින තරග 3ක් හා විස්සයි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකාව සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවලදී එංගලන්ත තරග සංචාරයක නිරත වන අතර, ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලට දෙවන පෙල සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකාවට බොහෝ විට සිදු වනු ඇති.
Shreyas Iyer (c), Sanju Samson (wk), Abhishek Sharma, Ishan Kishan (wk), Shivam Dube, Tilak Varma (vc), Axar Patel, Washington Sundar, Nitish Kumar Reddy, Varun Chakravarthy, Ravi Bishnoi, Harshit Rana, Arshdeep Singh, Vaibhav Sooryavanshi, Jasprit Bumrah.

