ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

Date:

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහ විසින් සිය සංචිත සමග සෘජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව Dambulla Sixers කණ්ඩායම විසින් දිනේෂ් චන්දිමාල්, රීසා හෙන්ඩ්‍රික්ස්, දුෂ්මන්ත චමීර හා සහිබ්සාදා ෆර්හාන් සමග ගිවිසුම්ගත වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

වනිදු හසරංග, මොයීන් අලී හා ඇන්ජෙලෝ මැතිව්ස් ගිවිසුම් ගත වී ඇත්තේ Kandy Royals කණ්ඩායම සමගයි.

Galle Gallants කණ්ඩායම විසින් දසුන් ශානක හා ඒෂාන් මාලිංග සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ, භානුක රාජපක්ෂ හා ශකිබ් අල් හසාන් ගිවිසුම්ගත වී ඇත්තේ Jaffna Kings කණ්ඩායම සමගයි.

කුසල් මෙන්ඩිස් හා කමිදු මෙන්ඩිස් Colombo Kaps කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

LPL තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් Draft අවස්ථාව ජූනි පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

විජයි ශන්කර්ගෙන් අනපේක්ෂිත තීරණයක්

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක විජයි ශන්කර් දේශීය හා ඉන්දීය...