2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස් ක්‍රීඩකයින් 650 කට අධික ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
කෙසේ වෙතත්, ජූනි පළමු වැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාව සදහා ඉන් ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණක් ඉදිරිපත් කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
වැඩිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන්. එම සංඛ්‍යාව 102 ක්. කොදෙව් ක්‍රීඩකයින් 75 දෙනෙකු, දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 66 දෙනෙකු, බංග්ලාදේශ ක්‍රීඩකයින් 48 දෙනෙකු හා නවසීලන්ත ක්‍රීඩකයින් 41 දෙනෙකු ද තරගාවලිය සදහා ලියාපදිංචි වී තිබෙනවා.
ලියාපදිංචි වී ඇති ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ගණන 24 ක්. එංගලන්තයෙන් 15 දෙනෙකු ද, ඉන්දියාවෙන් 12 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
ඊට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා අයර්ලන්තය වැනි ටෙස්ට් වරම් දිනා නොමැති රටවලින් ද ක්‍රීඩකයින් ලියාපදිංචි වී ඇති බව සදහන්. ඒ අනුව සමස්තයක් ලෙස රටවල් 21 කින් විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලිය සදහා ලියාපදිංචි වී ඇති බවයි ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.
LPL තරගාවලියේ 6 වැනි අදියර ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

