ඉන්දීය යොවුන් ක්‍රිකට් කණ්ඩායම (19 න් පහළ) එළඹෙන ජූනි හා ජූලි මාසවලදී මෙරට තරග සංචාරයක නිරත වනවා.
මෙම තරග සංචාරයේදී ඉන්දීය යොවුන් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.
තරග සංචාරය සදහා සහභාගී වන ඉන්දීය යොවුන් කණ්ඩායම ජූනි 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.
එක්දින තරගාවලිය ජූලි 4, 6 හා 9 යන දිනවලදීද, සිව්දින තරගාවලිය ජූලි 13 වැනිදා සිට 23 වැනිදා දක්වා ද පැවැත්වීමට නියමිතයි.
එක්දින තරග පැවැත්වෙන්නේ හම්බන්තොටදීයි. පළමු සිව්දින තරගය (ජූලි 13-16) ගාල්ලේදී ද, දෙවැනි සිව්දින තරගය (ජූලි 20-23) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ද පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

