ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අර්බුදයක් නෑ – SLC

Date:

ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ක්‍රිකට් ආයතනය පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් කර ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා විසින් 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව බවයි.

එම නියෝගය නිකුත් කිරීමත් සමඟ ක්‍රීඩා සංගමයේ පාලනය, පරිපාලනය, වත්කම් සහ මූල්‍ය කටයුතු සම්බන්ධ සියලු බලතල පත් කරන ලද කමිටුව වෙත පැවරෙන බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව, නව විධායක කමිටුවක් තේරී පත් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන සහ මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීම සඳහා එම පරිවර්තන කමිටුවට සම්පූර්ණ බලය හිමි වනවා.

ක්‍රිකට් පරිවර්තන කමිටුව පත් කිරීම පිළිබද ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇති බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සියලු පරිපාලන හා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම කමිටුවට නීතිමය බලය පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තම මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමට නොහැකි වී ඇති බවට හෝ පරිවර්තන කමිටුව පත් කිරීමෙන් පසු මූල්‍ය පරිපාලනයට බාධා එල්ල වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි අදාළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

එමෙන්ම, සැපයුම්කරුවන්, සේවා සපයන්නන්, සේවකයින්, ක්‍රීඩකයින් සහ අනෙකුත් පාර්ශව වෙත ගෙවීම් නියමිත පරිදි සිදු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...