ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(18) නිවේදනය කළා.
තරගාවලිය ජූලි 17 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා මෙරට ක්‍රීඩාංගන 4කදී පැවැත්වීමට නියමිතයි.
පළමු තරගය ජූලි 17 වැනිදා රාත්‍රී 7:30 ට ආරම්භ වන්නේ යාපනය හා ගාල්ල කණ්ඩායම අතරයි. කොළඹ SSC ක්‍රීඩාංගනයේදී එම තරගය පැවැත්වෙනවා.
මූලික වටයේ තරග අගෝස්තු දෙවැනිදා දක්වා පැවැත්වෙන අතර, එම වටයේදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 7 ක් තරග කාලසටහනට ඇතුළත්.
පසුගිය වසර දෙකේදී ක්‍රීඩක වෙන්දේසියක් පැවැති නමුත්, මෙවර තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට කෙටුම්පත් කිරීමේ අවස්ථාවක් හෙවත් Draft ක්‍රමවේදය යොදා ගෙන තිබෙනවා. එය ජූනි පළමු වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ අනුව පසුගිය තරගාවලියට (2024) ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් කිසිදු ක්‍රීඩකයෙකු සිය සංචිතයේ රදවා ගැනීමට මෙවර කිසිදු කණ්ඩායමකට අවස්ථාවක් උදා වන්නේ නැහැ.
කාලසටහනේ සාරාංශය –
- July 17-19: සමාරම්භක උත්සවය හා කොළඹ අදියර (SSC)
- July 21-26: දඹුල්ල අදියර (RDICS)
- July 28-August 2: මහනුවර අදියර (PICS, Pallekele)
- August 5 and 7: Qualifiers හා Eliminator (RPICS, Colombo)
- August 8: අවසන් මහා තරගය (RPICS, Colombo)
- August 9: අතිරේක දිනය

