රජය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා ක්‍රිකට් පරිවර්තන කමිටුවක් හෙවත් අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉහළ පෙළේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ICC උප සභාපති Imran Khwaja අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවයි PTI පුවත් සේවය වාර්තා කර ඇත්තේ.
සෙනසුරාදා දිනයේදී තවත් ICC නිලධාරියෙකු ද දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්. ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද බවයි වාර්තා වන්නේ.
පසුගිය අප්‍රේල් 29 වැනිදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කිරීම සඳහා සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ශම්මි සිල්වා ප්‍රමුඛ විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි එම කමිටුව පත් කළේ.

