මංගල තරගයෙන් පසු රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවයි

Date:

නවසීලන්තයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගත් එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර තරග අත්හිටුවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

2012-2013 වසරවලදී ඔහු විසින් පල කර තිබූ ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණයෙහි වාර්තාව ලැබෙන තුරු මෙම අත්හිටුවීම සිදු කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ අනුව පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 7ක් දවා ගත් ඔහුට ලබන 10 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනවා.

එමෙන්ම ඔහු එංගලන්ත සංචිතයෙන් ද වහාම ඉවත් වන බවත්, ඔහුගේ ප්‍රාන්ත කණ්ඩායම වන සසෙක්ස් කණ්ඩායම හා ඔහු එක් වීමට නියමිතව ඇති බවත් එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

2012 – 2013 වසරවලදී 18 – 19 හැවිරිදි වියේ පසු වූ ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබූූ අතර, පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනයක් නිකුත් කරමින් ඔහු වසර 8කට පෙර තමා අතින් සිදු වූ මෙම වරදට සමාව ද ඉල්ලා සිටියා.

ඒ, තරගයේ පළමු දිනය ක්‍රියාත්මක වන අතරවාරයේ දී අදාළ ට්විටර් පණිවිඩ යළි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීම හේතුවෙන්.

“අද ප්‍රසිද්ධ වෙලා තියෙන, මීට වසර අටකට පෙර මා විසින් පල කරන ලද ජාතිවාදී සහ ලිංගිකවාදී ට්විටර් පණිවිඩ ගැන මගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම දිනයේ දී මම ලැජ්ජාවට පත් වෙනවා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“මට කනගාටුයි, මම අද මගේ පාඩම ඉගෙන ගෙන තියෙනවා.”

“මම ජාතිවාදියෙකු නොවන බවත්, මම ලිංගිකවාදියෙකු නොවන බවත් මට පැහැදිලි කරන්න අවශ්‍යයි”

“මගේ ක්‍රියාව ගැන මම දැඩි ලෙස කනගාටු වන අතර එවැනි ප්‍රකාශ කිරීම ගැන මම ලැජ්ජා වෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...