වසර 8කට පෙර වූ වරදට රොබින්සන් මංගල ටෙස්ට් තරගයේ දී සමාව ගනියි

Date:

නවසීලන්තයට එරෙහිව ඊයේ(2) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් හිමි කර ගත් එංගලන්තයේ ඔලී රොබින්සන් වසර 8කට පෙර ඔහු අතින් සිදු වූ වරදකට සමාව ඉල්ලමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තරගයේ පළමු දිනය නිමා වීමෙන් සුළු වේලාවකට පසුවයි මෙම නිවේදනය නිකුත් කෙරුණේ.

2012 – 2013 වසරවලදී 18 – 19 හැවිරිදි වියේ පසු වූ ඔලී රොබින්සන් විසින් ජාතිවාදී සහ ලිංගිකවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ කිහිපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබුණා.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් තමා මේ වන විට කනගාටුවට පත් වන බවයි රොබින්සන් කියා සිටියේ.

“අද ප්‍රසිද්ධ වෙලා තියෙන, මීට වසර අටකට පෙර මා විසින් පල කරන ලද ජාතිවාදී සහ ලිංගිකවාදී ට්විටර් පණිවිඩ ගැන මගේ ක්‍රීඩා දිවියේ වැදගත්ම දිනයේ දී මම ලැජ්ජාවට පත් වෙනවා.” යනුවෙන් ඔහු සදහන් කළා.

“මට කනගාටුයි, මම අද මගේ පාඩම ඉගෙන ගෙන තියෙනවා.”

තරගයේ පළමු දිනයේ දී රොබින්සන් ලකුණු 50කට කඩුලු 2ක් දවා ගනිමින් සිය ටෙස්ට් දිවියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඒ අතරවාරයේ දී අදාළ ට්විටර් පණිවිඩ යළි සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබුණා.

“මම ජාතිවාදියෙකු නොවන බවත්, මම ලිංගිකවාදියෙකු නොවන බවත් මට පැහැදිලි කරන්න අවශ්‍යයි”

“මගේ ක්‍රියාව ගැන මම දැඩි ලෙස කනගාටු වන අතර එවැනි ප්‍රකාශ කිරීම ගැන මම ලැජ්ජා වෙනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...