පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(6) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

තරගය ජය ගැනීම සදහා දෙවැනි ඉනිමේ දී එංගලන්තයට ලකුණු 273ක ඉලක්කයක් හිමි වූ නමුත්, අවසන් දිනය වූ අද දිනය නිමා වුණේ එංගලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 170ක් ලබා සිටියදීයි.

ඩොම් සිබ්ලි නොදැවී ලකුණු 60 ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 40යි.

පන්දු යැවීමේ දී නෙයිල් වෑග්නර් කඩුලු 2ක් සහ ටිම් සවුති එක් කඩුල්ලක් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ටොම් ලේතම් ලකුණු 36ක් සහ රෝස් ටේලර් ලකුණු 33ක් රැස් කළ අතර, ඩෙවෝන් කොන්වේ හා හෙන්රි නිකල්ස් ලකුණු 23 බැගින් ලබා ගත්තා.

සිය අවසන් ටෙස්ට් තරග සංචාරයේ නිරත වන බී.ජේ වොට්ලින් නොදැවී ලකුණු 15යි.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ඔලී රොබින්සන් පළමු ඉනිමේ ද දවා ගත් කඩුලු 4ට අමතරව දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දවා ගැනීම විශේෂත්යක්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය ලකුණු 378ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 275ක් ලබා ගත්තා.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ද්විත්ව ශතකයක් වාර්තා කරද්දී එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළ රෝරි බර්න්ස් සටන්කාමී ශතකයක් වාර්තා කළා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ලබන 10 වැනිදා බර්මිංහැම්හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...