T20 තරගාවලියට මුෂ්ෆිකර් බෑ කියයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලියෙන් ඉවත් වීමට බංග්ලාදේශ කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකර් රහීම් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, සිම්බාබ්වේ සංචාරයට ඇතුළත් එක්දින සහ ටෙස්ට් තරග සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිතයි.

ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතාවය හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරගාවලි වෙනුවෙන් මනා සූදානමක් සහිතව ක්‍රීඩා කිරීම ඔහුගේ අරමුණයි.

මුෂ්ෆිකර් රහීම් මේ සම්බන්ධයෙන් එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර ඇති අතර, මෙතෙක් ඒ පිළිබද අවසන් තීරණයක් එරට ක්‍රිකට් ආයතනය ගෙන නැහැ.

සිම්බාබ්වේ තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූලි 7 වනදා ටෙස්ට් තරගය ආරම්භ වන අතර,  ජූලි 16 වනදා එක්දින තරගාවලිය ද, ජූලි 23 වනදා 20යි 20 තරගාවලිය ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...