අයර්ලන්තයට එරෙහි තරගාවලි ජයත් සමග නෙදර්ලන්තය සුපර් ලීගයේ 9 වැනි තැනට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ, අයර්ලන්තය සමග සදුදා(7) නිමා වූ තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස නෙදර්ලන්තය ජය ගැනීමත් සමගයි.

නෙදර්ලන්තයේ Utrecht හි පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් සත්කාරක කණ්ඩායම ජය වාර්තා කළේ කඩුලු 4කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 163ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 45.5ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රහනය වාර්තා කළා.

මෙම ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැදී සිටි නෙදර්ලන්තය 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, මෙතෙක් 9 වැනි ස්ථානයේ පසු වූ අයර්ලන්තය 10 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
  2. එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  3. පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  4. ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
  5. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  6. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  7. බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
  8. ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29 (එක් දඩුවම් ලකුණක්)
  9. නෙදර්ලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 20
  10. අයර්ලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 20
  11. සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
  12. දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9 (එක් දඩුවම් ලකුණක්)
  13. ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8 (දඩුවම් ලකුණු 2ක්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...