ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලාංකිකයෙකුත්

Date:

මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(8) නිවේදනය කළා.

ඊට ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ඇතුළත්.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම මෙලෙස නිර්දේශිත නාම අතරට එක්ව තිබෙනවා.

ඔහුට අමතරව පාකිස්තානයේ හසන් අලී සහ බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් ද නිර්දේශිත නාම අතරට අයත්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් ඇතුළත් ස්වාධීන මනාප ඇකඩමියක් විසින් ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලබනවා.

ඒ සදහා මනාපය පල කිරීමට මෙතන ක්ලික් කරන්න

  • හසන් අලී – ටෙස්ට් කඩුලු 14 (සාමාන්‍ය 8.92)
  • ප්‍රවීන් ජයවික්‍රම – ටෙස්ට් කඩුලු 11 (සාමාන්‍ය 16.18)
  • මුෂ්ෆිකර් රහීම් – එක්දින ලකුණු 237 (සාමාන්‍ය 79.00)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...