ට්විටර් පණිවිඩ නිසා තවත් එංගලන්ත ක්‍රීඩකයෙකු අර්බුදයක

Date:

ජාතිවාදී අදහස් ඇතුළත් ට්විටර් පණිවිඩ පල කළ තවත් වත්මන් එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වසර 8කට පමණ පෙර පල කළ ආන්දෝලනාත්මක ට්විටර් පණිවිඩ හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන්ට ජාත්‍යන්තර ක්‍රිකට් අත්හිටුවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කිරීමෙන් දිනකට පසුවයි මේ පිළිබදව ද තොරතුරු අනාවරණය වී ඇත්තේ.

විස්ඩන් වෙබ් අඩවිය විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති අතර, අදාළ ක්‍රීඩකයාගේ නම ඔවුන් හෙළි කර නැහැ.

එම ට්විටර් පණිවිඩ පල කරන අවස්ථාව වන විට මෙම ක්‍රීඩකයා අවුරුදු 16ට අඩු වයසක පසුවීම හේතුවෙන් ඔහුගේ නම හෙළි කිරීමෙන් ඔවුන් වැළකී තිබෙනවා.

මෙම ක්‍රීඩකයා සම්බන්ධයෙන් ද එරට ක්‍රිකට් ආයතනය පරීක්ෂණ පවත්වමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ALSO READ : රොබින්සන්ගේ තරග තහනමට බ්‍රිතාන්‍ය අගමැතිත් එරෙහි වෙයි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...