පාවා දීමේ චෝදනාවට අදාළ පරීක්ෂණ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ : ඇමති මහින්දානන්ද

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී පාවා දීමක් සිදුව ඇති බවට තමා කළ චෝදනාවට අදාළව සිදු කෙරුණු පරීක්ෂණය සම්බන්ධයෙන් තමා සෑහීමකට පත් නොවන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය හා වත්මන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද(5) නැගූ පැනයකට පිළිතුරු දෙමින් අලුත්ගමගේ මහතා ඒ බව කියා සිටියා.

අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ ජූනි මාසයේ දී අදාළ චෝදනාව සිදු කළ අතර, අනතුරුව ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කළා.

එහිදී හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු නායක කුමාර් සංගක්කාර, ක්‍රීඩකයින් වූ මහේල ජයවර්ධන, උපුල් තරංග හා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු කෙරුණා.

නමුත් මේ වන විට ඊට සම්බන්ධ පරීක්ෂණ අවසන් කර ඇත්තේ පරීක්ෂණය ඉදිරියට ගෙන යාම සදහා, අදාළ චෝදනාවලට කිසිදු පදනමක් හෝ සාක්ෂි නොමැති බවට නීතිපති විසින් දැනුම් දීමත් සමගයි.

ඒ අනුව අසත්‍ය චෝදනා එල්ල කිරීම හේතුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේද යන්න සම්බන්ධව අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කර සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ පැමිණිල්ලක් ඉදිරිපත් කළ අයෙකුට එරෙහිව දඩුවම් කිරීමට කටයුතු කළහොත් ඉදිරියේ දී කිසිවෙකු තරග පාවාදීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවනු ඇති බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මෙහිදී අදහස් දක්වා සිටියා.

මෙම පාවාදීමට ක්‍රීඩකයින් සම්බන්ධ නොමැති බවට තමා ප්‍රකාශ කර තිබිය දී, ක්‍රීඩකයින්ගෙන් පමණක් ප්‍රශ්න කර ක්‍රිකට් ආයතනයේ එවකට (2011) හිටපු සභාපතිවරයා ඇතුළු බළධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොකර මෙම පරීක්ෂණය නොමග යැවූ බවයි අලුත්ගමගේ මහතා පවසා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...