ලෝක කුසලානය පාවා දුන් චෝදනාව ගැන විමර්ශන ඇරඹේ

Date:

2011 වසරේ පැවති ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අදාළ චෝදනාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.

2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශය, හිටපු නායකයින් වන කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ඊයේ දිනයේ දීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...