ඉතිහාසගත වූ පිටර්සන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකා Anna Peterson ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

31 හැවිරිදි ඇය නවසීලන්ත ජාතික කණ්ඩායම තරග 65කදී නියෝජනය කර ඇති අතර, එහිදී එක්දින ලකුණු 279ක් හා 20යි 20 ලකුණු 92ක් වාර්තා කිරීමට සමත් වුණා.

එක්දින කඩුලු 27ක් හා 20යි 20 කඩුලු 18ක් ද ඇය බිද හෙලුවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද Anna Peterson තවදුරටත් දේශිය තරග පිටියේ දී Auckland Hearts කණ්ඩායම නියෝජනය කරනු ඇති.

ඇය අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණේ පසුගිය වසරේ පැවැති 20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දී යි.

Anna Peterson 20යි 20 ජාත්‍යන්තර තරගයකදී නවසීලන්තය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු ක්‍රීඩිකාව ලෙස 2017 වසරේ දී ඉතිහාසගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...