“පාවාදීම ගැන පිටු 6ක පැමිණිල්ලක් කළා, තවත් ඒ ගැන කතා කරන්න එපා” – මහින්දානන්ද

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට  තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද(24) පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අදාළ ප්‍රකාශය පිළිබඳව අද පෙරවරු 6.30ට පමණ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඒ මහතාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

එම ප්‍රකාශ අනුව ඉදිරි විමර්ශන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ඇති.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා.

එහිදී තමන් පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් සිදු කළ බවත්, එම පැමිණිල්ලට අදාල ලේඛන අටක් ද විශේෂ විමර්ශන ඒකකය වෙත භාර දුන් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළා.

එම තරග පවාදීම සම්බන්ධයෙන් පවතින සැකය පිළිබදව මේ වන විට විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා නොකරන ලෙසද අමාත්‍යවරයා සියලු මාධ්‍යවේදීන්ගෙන් මෙහිදී ඉල්ලා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...