පාවා දීමේ චෝදනාව ගැන විශේෂ විමර්ශන ඒකකය මහින්දානන්දගෙන් ප්‍රශ්න කරයි

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් පිරිසක් අද පෙරවරුවේ පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

අවසන් මහා තරගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබදව  ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයට අදළව මෙම ප්‍රකාශය ලබා ගන්නා බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් අවසන් මහා තරඟය ඉන්දියාවට පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පසුගිය දා තීරණය කෙරුණේ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...