ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් වනිදු රදවා ගනියි

Date:

එළඹෙන අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය කණ්ඩායමේ රදවා ගැනීමට Deccan Gladiators කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ඒ, තරගාවලියට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම(Draft) පැවැත්වීමට දින දෙකක් පමණක් ඉතිරිව ඇති පසුබිමකයි.

මේ වන විට වනිදු, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද නියෝජනය කිරීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින අතර, එහිදී ඔහු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙනුයි ක්‍රීඩා කරන්නේ.

හසරංගට අමතරව එංගලන්තයේ Tymal Mills හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Zahoor Khan ද Deccan Gladiators කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රදවා ගෙන තිබෙනවා.

කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා (icon player) වන්නේ කොදෙව් පිතිකරු ඇන්ඩ්‍රි රසල්.

මෙවර අබුඩාබි T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...