දශකයේ ක්‍රිකට් ක්‍රීඩකයා කෝලි – සෙසු ICC සම්මානලාභීන් මෙන්න

Date:

දශකයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි අද(28) සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඒ, පසුගිය දශකයක කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔහු දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද සම්මානයෙන් පිදුම් ලැබුවේ විරාට් කෝලි.

දශකයේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඔස්ට්‍රේලියාවේ ස්ටීව් ස්මිත් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දශකයේ 20යි 20 ක්‍රීඩකයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ.

දශකයේ ක්‍රීඩාවේ ජීව ගුණයෙන් යුතු ක්‍රීඩකයා ලෙස ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සම්මාන හිමි කර ගත්තා.

මේ අතර, දශකයේ ක්‍රිකට් ක්‍රීඩිකාව, එක්දින සහ 20යි 20 ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ඕස්ට්‍රේලියාවේ Ellyse Perry.

Also Read : දශකයේ ICC 20යි 20 කණ්ඩායමට ලසිත් මාලිංගත් නම් කෙරේ

Also Read : දෝනිගේ නායකත්වයෙන් යුත් දශකයේ ICC එක්දින කණ්ඩායමටත් ශ්‍රී ලාංකිකයෙක්

Also Read : අයි.සී.සී දශකයේ ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කෙරේ

ටෙස්ට් වරම් නොලැබූ රටවල් අතරින් පසුගිය දශකයේ ක්‍රීඩකයා ලෙස අයි.සී.සී සම්මානයෙන් පිදුම් ලැබුවේ ස්කොට්ලන්තයේ Kyle Coetzer.

ටෙස්ට් වරම් නොලැබූ රටවල් අතරින් පසුගිය දශකයේ ක්‍රීඩිකාව ලෙස ස්කොට්ලන්තයේම Kathryn Bryce සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...