ඔස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් ගැළවෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍ර්ලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද(28) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 133ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කැමරන් ග්‍රීන් ලකුණු 17ක් සහ පැට් කමින්ස් ලකුණු 15ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

මැතිව් වේඩ් ලකුණු 40ක් රැස් කළ අතර, මර්නස් ලබුෂේන් ලකුණු 28යි.

තරගාවලියේ දී මෙතෙක් ලකුණු 10 සීමාව පසු කර යාමට නොහැකි වූ සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ට මෙම ඉනිමේ දී ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණයි.

ඔහුගේ කඩුල්ල ජස්ප්‍රිට් බුම්රා විසින් දවා ගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදිමට සලස්වමින්.

කෙසේ වෙතත්, එම දැවී යාම තෙවන විනිසුරුට ලබා දී තීරණය කිරීමට සිදු වීම විශේෂත්වයක්.(දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2ක් දවා ගත්තා.

උමේෂ් යාදෙව් පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

මේ වන විට ඔස්ට්‍රේලියාව සිය දෙවන ඉනිමේ දී ඉන්දීය පළමු ඉනිමට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 2ක්.

මෙල්බර්න්හි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 195ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඉන්දීය පළමු ඉනිම අද දිනයේ දී නිමා වුණේ ලකුණු 326 කටයි.

අජින්කෙයා රහානේ ලකුණු 112කට දුවද්දී දැවී ගිය අතර, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 57ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් සහ නේතන් ලියෝන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...