ශ්‍රී ලංකාව ලකුණු 160ක් පිටුපසින් – ආබාධ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 5ක් දක්වා ඉහළට

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අද (28) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 65ක්.

දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 21ක් සහ කුසල් ජනිත් නොදැවී ලකුණු 33ක් ලබා කඩුලලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 2ක් බිද හෙලුවා.

සෙන්චූරියන්හි පැවැත්වෙන තරගය අද දිනට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 317ක්.

ඔවුන් සිය පළමු ඉනිම අද නිමා කළේ සියලු දෙනා දැවී ලකුණු 621ක් ලබා ගනිමින්.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 199ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය අතර, ඩීන් එල්ගර් ලකුණු 95ක් රැස් කළා. (ෆෆ් ඩු ප්ලෙසිස් දැවී ගිය අයුරු පහතින් නරඹන්න)

ටෙම්බා බවුමා ලකුණූ 71ක් සහ ඒඩ්න් මාක්‍රම් ලකුණු 68ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 4ක් බිද හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 396ක්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 160ක්.

මේ අතර, අද දිනයේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධයන්ට ලක්විම කැපී පෙනෙන සිදුවීමක්.

ළහිරු කුමාර, වනිදු හසරංග සහ දිනේෂ් චන්දිමාල් අද දිනයේ දී මෙලෙස ආබාධවලට ලක් වූ අතර, මීට පෙර ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත ද මෙම තරගය අතරතුර දී ආබාධවලට ලක් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...