පැටර්සන්, මාක්‍රම්, බවූමා‍ දිනයේ ගෞරව දකුණු අප්‍රිකාවට හිමි කර දෙද්දී ශ්‍රී ලංකාව 221 ක් පිටුපසින්

Date:

ඩේන් පැටර්සන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර Gqeberha හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද (7) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 221 ක්.

ටෝනි ද සෝර්සි ලකුණු 19 කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 55 කටත්, රයන් රිකල්ටන් ලකුණු 24 කටත් දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 36 ක් හා ටෙම්බා බවූමා ලකුණු 48 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුල්ලක් දවා ගත්තා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා ස්ථාවර මට්ටමක පසු වූ නමුත්, ඔවුන්ට අද දිනයේදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 328 ක් පමණයි. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 358 ට පිළිතුරු ලෙසයි.

දිනයේ පළමු කඩුල්ල ලෙස ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 44 කට දැවී ගියේ දකුණු අප්‍රිකාව දෙවැනි නව පන්දුව ලබා ගැනීමට සුළු වේලාවකට පෙරයි. මාර්කෝ යැන්සන්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගිය අතර, නව පන්දුව ලබා ගැනීමෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවාරයේදීම කමිදු මෙන්ඩිස්ගේ කඩුල්ල ද දවා ගැනීමට යැන්සන් සමත් වුණ. දැවී යන විට කමිදු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 48 ක්.

නායක ධනංජය ද සිල්වා ලකුණු 14 ක් ලබා සිටියදීත්, කුසල් මෙන්ඩිස් ලකුණු 16 ක් ලබා සිටියදීත් ලහිරු කුමාර ලකුණු නොලබා සිටියදීත් එකම පන්දුවාරයකදී දවා ගැනීමට ඩේන් පැටර්සන් සමත් වීම විශේෂත්වයක්. පැටර්සන් ලකුණු 71 කට කඩුලු 5 ක් බිද හෙලමින් සිය ටෙස්ට් දිවියේ ඉනිමක ප්‍රදර්ශනය කළ හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 89 ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 44 කට දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය ලකුණු 24 ක් ලබා ගනිමින් පසුපෙලට යම් ජීවයක් ගෙන දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...