රිකල්ටන්ගෙන් හා වෙරේන්ගෙන් වටිනා ශතක – දකුණු අප්‍රිකා පළමු ඉනිම 358 යි

Date:

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර Gqeberha හීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි(6).

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 269 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 358 ක් රැස් කළා.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් රයන් රිකල්ටන් ලකුණු 101 ක් රැස් කළ අතර, ක්යල් වෙරේන් නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තා. රිකල්ටන්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත්. වෙරේන්ගේ ඉනිම හයේ පහර 3 කින් හා හතරේ පහර 12 කින් වර්ණවත් වුණා.

කාගිසෝ රබාඩා ලකුණු 23 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. රබාඩා හා වෙරේන් අතර 9 වැනි කඩුල්ලට ලකුණු 56 (76) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

දකුණු අප්‍රිකා මැද පෙල ශක්තිමත් කළ ටෙම්බා බවුමා ලකුණු 78 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 79 කට කඩුලු 4 ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු කඩුලු 2 ක් බිද හෙලුවා.

Day 1 Report : රිකල්ටන්ගේ මංගල ශතකය හා ශ්‍රී ලංකා වේග පන්දුව පළමු දිනයේ ගෞරව සමව බෙදා ගනියි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...