ඇට්කින්සන්ගෙන් කඩුලු ත්‍රිත්වයක් ; බෙතෙල්, ඩකට් ප්‍රහාරය හමුවේ එංගලන්තය ලකුණු 533 ක් ඉදිරියෙන්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (7) නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 378 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් මේ වන විට දෙවැනි ඉනිමේදී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 533 ක්.

ජෙකබ් බෙතෙල් ලකුණු 96(118) ක්, බෙන් ඩකට් ලකුණු 92(112) ක් හා හැරී බෘෘක් ලකුණු 55(61) ක් රැස් කළා. ජෝ රූට් නොදැවී ලකුණු 73(106) ක් හා බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 35(26) ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ටිම් සවුති හා මැට් හෙන්රි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය ලබා ගත් ලකුණු 280 ට පිළිතුරු ලෙසයි.

කේන් විලියම්සන් ලකුණු 37 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් හා බ්‍රයිඩන් කර්ස් කඩුලු 4 බැගින් බිද හෙලුවා. ඉනිමේ අවසන් කඩුලු 3 පිට පිට පන්දු තුනකදී දවා ගනිමින් ඇට්කින්සන් කඩුලු ත්‍රිත්වයක් සම්පූර්ණ කිරීම ද කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...