ශාරුක් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් චමරි සමග WPL අද ඇරඹේ

Date:

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය අද(23) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී අටට බැංගලූරුහී දී ආරම්භ වීමට නියමිතව ඇත්තේ දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම අතරයි.

තරගාවලියට තරග 22 ක් ඇතුළත් අතර, කණ්ඩායම් පහක් ශූරතාවය වෙනුවෙන් තරග වදිනවා. අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මාර්තු 17 වැනිදායි.

තරගාවලිය සදහා මෙවර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරනවා. යූපී වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ඇය ක්‍රීඩා කරන අතර, ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක වටිනාකමක් යටතේයි වොරියර්ස් කණ්ඩායම සමග චමරි ආදේශක ක්‍රීඩිකාවක් ලෙස ගිවිසුම්ගත වුණේ.

යූපී වොරියර්ස් කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය හෙට බැංගලූරුහී දී ම රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. එම තරගය ආරම්භ වන්නේ රාත්‍රී 7.30 ටයි.

තරගාවලියේ පළමු තරග 11 බැංගලූරුහී දී පැවැත්වීමට නියමිත අතර, සෙසු තරග දිල්ලිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.30ට බැංගලූරු හි චින්නස්වාමි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි බොලිවුඩ් තරු වන ශාරුක් ඛාන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, කාර්තික් ආර්යන්, ටයිගර් ශ්‍රෝෆ්, වරුන් ධාවන් හා ශහිඩ් කපූර් සමාරම්භක උත්සවය විචිත්‍රවත් කිරීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිව හිමිව ඇත්තේ Sports18 නාලිකාවටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...