Watch : මංගල ටෙස්ට් තරගයේ දී පන්දු 11 ක් තුළ ආකාශ් දීප් බිද හෙලූ කඩුලු 3

Date:

27 හැවිරිදි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප් අද(23) දිනයේ ටෙස්ට් වරම් දිනා ගනිමින් එංගලන්තයට එරෙහි සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට සමත් වුණා.

රංචි හී දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, මොහමඩ් සිරාජ් සමගින් ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළේ ආකාශ් දීප්.

සිය පළමු පන්දුවාර 7 තුළ දී අනර්ඝ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ඔහු එහිදී කඩුලු තුනක් දවා ගත්තා.

ඔහු සිය දෙවැනි පන්දුවාරයේ දී ම සැක් ක්‍රව්ලි දවා ගැනීමට ඉතා ආසන්න වූයේ විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින්. එහිදී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදුණු නමුත්, එම පන්දුව නිපන්දුවක් වීම නිසා ඔහුට සිය මංගල ටෙස්ට් කඩුල්ල දෙවැනි පන්දුවාරයෙන්ම දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වූ බව අප මීට පෙර ඔබට තොරතුරු වාර්තා කළා.

Watch : දෙවැනි පන්දුවාරයේ දී ම ආකාශ් දවා ගත් මංගල ටෙස්ට් කඩුල්ල නිපන්දුවකට බිලි වූ හැටි

කෙසේ වෙතත්, සිය උත්සාහය අත් නොහැරූ ආකාශ් තම 5 වැනි පන්දුවාරයේ දී බෙන් ඩකට්ගේ (ලකුණු 11) කඩුල්ල දවා ගනිමින් සිය මංගල ටෙස්ට් කඩුල්ල බිද හෙලුවා.

ඉන් නොනැවතුණ ඔහු සිය කඩුලු දඩයමට තවත් කඩුල්ලක් එම පන්දුවාරයේ දී ම එක් කර ගත්තා. ඒ, ඔලී පෝප් ලකුණු නොලබා සිටියදී දවා ගනිමින්.

සිය 6 වැනි පන්දුවාරයේ දී ද ක්‍රියාත්මක වූ ආකාශ් දීප් තම තෙවැනි කඩුල්ල ලෙස සැක් ක්‍රව්ලි දවා ගත්තා. ඒ, තම දෙවැනි පන්දුවාරයේ දී ඔහුට එරෙහිව යොමු කළ සුපිරි පන්දුව (නිපන්දුවක් වූ) හා සමාන පන්දුවක් යොමු කරමිනුයි.

ඒ අනුව ආකාශ් දවා ගත් කඩුලු තුනම පන්දු 11 ක් තුළ ඔහු බිද හෙලීම ද කැපී පෙනුණා.

ආකාශ් දීප් දවා ගත් කඩුලු තුන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...