Watch : දෙවැනි පන්දුවාරයේ දී ම ආකාශ් දවා ගත් මංගල ටෙස්ට් කඩුල්ල නිපන්දුවකට බිලි වූ හැටි

Date:

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප් අද(23) සමත් වුණා.

මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ආකාශ් දීප් විසින් සිය දෙවැනි පන්දුවාරයේ දී ම කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ නමුත්, එය නිපන්දුවක් වීම නිසා එම කඩුල්ල ඔහුට අහිමි වුණා.

තරගයේ සිව්වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී සැක් ක්‍රව්ලිට එරෙහිව සුපිරි පන්දුවක් යොමු කරමින් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමිනුයි ඔහු සිය මංගල ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ආසන්න වුණේ.

නමුත්, පසුව තෙවන විනිසුරු විසින් එය නිපන්දුවක් බව ප්‍රකාශ කිරීමත් සමග ආකාශ් දීප්ට තම මංගල ටෙස්ට් කඩුල්ල සිය දෙවැනි පන්දුවාරයේ දී ම දවා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා. (දර්ශන කිහිපයක් පහතින්)

කෙසේ වෙතත්, ඔහු සිය 5 වැනි පන්දුවාරයේ දී බෙන් ඩකට්ගේ හා ඔලී පෝප්ගේ කඩුලු දවා ගනිමින් සිය ටෙස්ට් දිවියට සුපිරි ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණා.

මෙම තරගය රංචි හී දී පැවැත්වෙන අතර, මේ වන විට තරග 2-1 ක් ලෙස ඉන්දියාව තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...