ශකිබ් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙනුත් ඉවත් වෙයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ඉවත් වීමට තීරණය කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ශකිබ් දෙරට අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලි සදහා වන බංග්ලාදේශ සංචිතවලට ද ඇතුළත්ව නොතිබූ අතර, ඔහු ටෙස්ට් තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකරන බවයි එරට ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී Jalal Yunus ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත සදහන් කර ඇත්තේ.

මාර්තු 22 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

ශකිබ් මෑතක සිට අක්ෂි රෝගී තත්ත්වයකින් පසුවූ අතර, එය ඔහුගේ පිතිකරණයට ද බලපෑම් එල්ල කළා.

මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු ඉනිම් තුනේ දී ඔහු ලකුණු 4ක් පමණක් රැස් කළ නමුත්, තරග 11 කදී ඔහු ලකුණු 249 ක් රැස් කරමින් යළි සිය සුපුරුදු රිද්මයට පැමිණීමට ඔහු මේ වන විට සමත්ව සිටිනවා.

ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි සමස්ත තරගාවලියන්ගෙන්ම විවේක ගැනීමට අවශ්‍යව ඇති බවයි Jalal Yunus පෙන්වා දෙන්නේ.

“මම හිතන්නේ ඔහුගේ ඇස් මේ වන විට හොදින් තියෙනවා. නමුත් මට හිතන්නේ ඔහුට විවේකයක් අවශ්‍යයි කියලා. එතකොට ඔහුට පුලුවන් ජාත්‍යන්තර ක්‍රිකට්වලට සම්පූර්ණ යෝග්‍යතාවයෙන් යළි පිවිසෙන්න.” යනුවෙන් ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානීවරයා කියා සිටියා.

මාර්තු 4 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා පිලේ බංග්ලාදේශ තරග සංචාරයට විස්සයි 20 තරග 3ක්, එක්දින තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...