NSL එක්දින තරගාවලියේ සංචිත පහ හා තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

නැෂනල් සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන හා සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරි 23 වැනිදා, එනම් හෙට දිනයේ දී ආරම්භ වන තරගාවලියට කණ්ඩායම් පහක් ක්‍රීඩා කරන අතර, අවසන් මහා තරගය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතයි.

තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී, රංගිරි දඹුලු ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ලබන අතර, යාපනය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ සධීර සමරවික්‍රමයි.

මහනුවර කණ්ඩායම පැතුම් නිස්සංක විසින් ද, ගාලු කණ්ඩායම රමේෂ් මෙන්ඩිස් විසින් ද, දඹුල්ල කණ්ඩායම වනිදු හසරංග විසින් ද මෙහෙයවීමට නියමිතයි.

කෙසේ වෙතත්, බංග්ලාදේශ තරග සංචාරය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන පළමු වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති බැවින් එම තරග සංචාරයට එක් වන ක්‍රීඩකයින් රැසකට නැෂනල් සුපර් ලීග් තරගාවලියේ අවසන් තරග කිහිපය අහිමි වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...