චමරි අතපත්තු WPL තරගාවලිය වෙනුවෙන් ගිවිසුම්ගත වෙයි

Date:

ඉන්දියාවේ පැවැත්වෙන එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට අවස්ථාවක් ලැබී තිබෙනවා.

ඒ, ඇය සමග UP Warriorz කණ්ඩායම ආදේශක ක්‍රීඩිකාවක් ලෙස ගිවිසුම්ගත වීමත් සමගයි.

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩිකාවක වන Lauren Bell මෙවර තරග වාරයෙන් ඉවත් වීමට තීරණය කිරීම නිසා මෙම ආදේශ කිරීම සිදු කර තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් යටතේ චමරි එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන ක්‍රීඩිකාවන් වෙන්දේසියට ලියාපදිංචි වී සිටි නමුත්, ඇයව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

ඒ, 2023 අදියරට අදාළ වෙන්දේසියේ දී ද චමරි අතපත්තු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවුණු පසුබිමකයි.

කෙසේ වෙතත්, 2023 වසරේ දී ඉහළ දක්ෂතා දක්වා තිබියදීත් ඇයව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම බොහෝ පාර්ශවවල විවේචනයට ලක් වුණා.

එවැනි පසුබිමක ඇයගේ මූලික වටිනාකම වන රුපියල් ලක්ෂ 30 ක මුදලටම UP Warriorz කණ්ඩායම චමරි සමග ගිවිසුම්ගත වී ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

මෙවර අයි.සී.සී සම්මාන ප්‍රදානයේ දී ද 2023 වසරේ අයි.සී.සී එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ චමරි අතපත්තුයි.

එමෙන්ම චමරි වසරේ අයි.සී.සී එක්දින හා 20යි 20 කාන්තා කණ්ඩායම්වල නායිකාව ලෙස ද නම් කෙරුණා.

2024 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 23 වැනිදා සිට මාර්තු 17 වැනිදා දක්වා බැංගලූරුහී දී හා දිල්ලි හී දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...