රෂීඩ් ඛාන්ට තෙවැනි ලීග් තරගාවලියත් අහිමි වෙයි

Date:

ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් එළඹෙන පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ පිට කොන්ද ආශ්‍රිතව සිදු කෙරුණු ශල්‍යකර්මයෙන් පසු ඔහු තවමත් 100%ක් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව නොමැති බැවින්.

මෙම ශල්‍යකර්මයෙන් පසුව සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්ව නොමැති නිසා ඔහු ඉන්දියාව සමග නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකළ අතර, බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාලිය හා SA20 තරගාවලියෙන් ද ඉවත් වීමට කටයුතු කළා.

පාකිස්තාන සුපර් ලීග් අවසන් අදියර තුනේ දී ම රෂීඩ් ඛාන් Lahore Qalandars කණ්ඩායමයි නියෝජනය කළේ.

2022 හා 2023 වසරවලදී එම කණ්ඩායම තරගාවලියේ ශූරතාවය ද දිනා ගත්තා.

එළඹෙන තරග වාරය වෙනුවෙන් ද ඔහුව සිය සංචිතයේ රදවා ගැනීමටයි Lahore Qalandars කණ්ඩායම කටයුතු කළේ.

මේ වන විට මෙම ශල්‍යකර්මය හේතුවෙන් ලීග් තරගාවලි තුනක් පමණ ක්‍රීඩා කිරීමේ අවස්ථාව රෂීඩ් ඛාන්ට අහිමි වී ඇතත්, එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහු සුදුසු යෝග්‍ය තත්ත්වයකින් පසු වනු ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...