දිල්ලි කැපිටල්ස් නායකයා ගැන කණ්ඩායමේ සම හිමිකරුගෙන් අනාවරණයක්

Date:

ඉන්දීය පිතිකරු රිෂාබ් පාන්ට් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී යළිත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත බව කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන Parth Jindal පවසනවා.

කෙසේ වෙතත්, පාන්ට් අයි.පී.එල් තරගාවලියේ පළමු අර්ධයේ දී කඩුලු රකින්නෙකු ලෙස කටයුතු නොකරන බවයි Parth Jindal සදහන් කළේ.

ESPNcricinfo වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සිදු වූ දරුණු රිය අනතුරෙන් පසුව රිෂාබ් පාන්ට් මෙතෙක් කිසිදු වෘත්තීමය ක්‍රිකට් තරගයක් සදහා ක්‍රීඩා කර නැහැ.

2023 අයි.පී.එල් තරගාවලියම ඔහුට එම අනතුර හේතුවෙන් අහිමි වූ අතර, එම තරගාවලියේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ඩේවිඩ් වෝනර්.

මේ අතර, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා මෙවර තරග වාරයේ පළමු තරගයේ සිට කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක පසු වනු ඇති බවට සිය කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බව ද Jindal සදහන් කළා.

2024 අයි.පී.එල් තරගාවලිය යටතේ කැපිටල්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මාර්තු 23 වැනිදා පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...