Day 1 Report : රූට්ගේ 31 වැනි ශතකය එංගලන්ත පළමු ඉනිම ගොඩ ගනියි

Date:

ජෝ රූට්ගේ නොදැවුණු ශතකය හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(23) රංචි හී දී නිමා වුණේ දිනයේ ගෞරව කණ්ඩායම් දෙකටම සමව හිමි කර දෙමින්.

දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කිරීමටත් පෙරම, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු පහ ලකුණු 112 ක් තුළ බිද වැටුණා.

අනතුරුව ඉනිම ගොඩ ගැනීමේ වගකීම කරට ගත් රූට් සිය 31 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් දිනය නිමා වන විට නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 106 ක්.

දිනය නිමා වන විට එංගලන්ත පළමු ඉනිම කඩුලු 7ක් දැවී සටහන්ව තිබුණේ ලකුණු 302 ක් ලෙසයි.

6 වැනි කඩුල්ල සදහා රූට් සමග පිටියේ එක් වූ බෙන් ෆෝක්ස් ලකුණු 113 (261) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. ෆෝක්ස් ලකුණු 47 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

දිනය නිමා වන විට 8 වැනි කඩුල්ල සදහා ජෝ රූට් හා ඔලී රොබින්සන් ලකුණු 57 (89) ක නොබිදුණු අගනා සම්බන්ධතාවයක් ද ගොඩ නගා තිබුණා. රොබින්සන් නොදැවී ලකුණු 31 යි.

සැක් ක්‍රව්ලි සමගින් එංගලන්ත ඉනිම ආරම්භ කළ බෙන් ඩකට් ලකුණු 11 කට දැවී ගිය අතර, ක්‍රව්ලි ලකුණු 42 ක් රැස් කළා. ඔලී පොප් ලකුණු ලබා ගත්තේ නැහැ. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 38 කටත්, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 3කටත් දැවී ගියා.  ටොම් හාර්ට්ලි ලකුණු 13 යි.

පන්දු යැවීමේ දී මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ආකාශ් දීප් ලකුණු 70 කට කඩුලු තුනක් බිද හෙලුවා. මොහමඩ් සිරාජ් ලකුණු 60 කට දවා ගත් කඩුලු ගණන දෙකක්. රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් කඩුල්ල බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...