සම්පාගේ කඩුලු 4 හා කමින්ස්ගේ ප්‍රහාරය ඔස්ට්‍රේලියාවට T20 තරගාවලියේ ජය තහවුරු කර දෙයි

Date:

පැට් කමින්ස්ගේ පිතිකරණ දක්ෂතාත්, ජොෂ් හේසල්වුඩ් හා ඇඩම් සම්පා දැක් වූ විශිෂ්ඨ පන්දු යැවීමත් හමුවේ නවසීලන්තය සමග පැවැති දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(23) සමත් වුණා.

ඔක්ලන්ඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 174 ක් ලබා ගත්තා. ඒ, ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 138 දී බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව පැට් කමින්ස් පන්දු 22 කින් ලකුණු 28 ක් රැස් කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ්. ඔහු පන්දු 22 කින් ලකුණු 45 ක් ලබා ගත්තේ හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී ලොකී ෆර්ගසන් ලකුණු 12 කට කඩුලු 4ක් දවා ගත් අතර, ඇඩම් මිල්න්, බෙන් සියර්ස් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඔස්ට්‍රේලියානු ඉනිම අතරතුර වම් අතේ සිදු වූ ආබාධයක් හේතුවෙන් ඩෙවෝන් කොන්වේට පිතිහරඹයේ නිරත වීමට නොහැකි වීම ද නවසීලන්තයට ප්‍රබල බලපෑමක් එල්ල කළා.

නවසීලන්ත පිළිතුරු ඉනිම පන්දුවාර 17 කට සීමා වූ අතර, සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 102 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 42(35) ක් රැස් කළ අතර, ඇඩම් සම්පා ලකුණු 34 කට කඩුලු 4ක් දවා ගත්තා. නේදන් ඇලස් ලකුණු 16 කට බිද හෙලූ කඩුලු ගණන දෙකක්. නව පන්දුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ජොෂ් හේසල්වුඩ් ලකුණු 12 කට කඩුල්ලක් බිද හෙලුවේ සිය පන්දුවාර හතරෙන් එක් පන්දුවාරයක් නිලකුණු පන්දුවාරයක් ලෙස ද සටහන් කරමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...