රෙහාන් අහ්මඩ් හදිසියේ ඉන්දියාව හැර යයි

Date:

මේ වන විට ඉන්දියාවේ රැදී සිටින එංගලන්ත පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් යළි සිය රට බලා පිටත්ව යාමට තීරණය කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය පවසනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු එලෙස යළි එංගලන්තය බලා පිටත්ව එන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඔහු අද(23) ආරම්භ වූ ඉන්දු – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගය සදහා වන අවසන් 11 දෙනා අතරට නම් නොකෙරුණු අතර, අවසන් ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් හෝ ඔහු යළි ඉන්දියාවට නොපැමිණෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු එංගලන්ත සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන නැහැ.

19 හැවිරිදි රෙහාන් අහ්මඩ් ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරග තුන සදහාම ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු කඩුලු 11 ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...