පාකිස්තානයේ අභියාචනයෙන් පසු අයි.සී.සීය සිය තීරණය හකුලා ගනියි

Date:

පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයට එරෙහිව මෑතකදී පැනවූ දඩුවම් ලකුණ ඉවත් කිරීමට කටයුතු කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

ඒ, පාකිස්තාන ක්‍රිකට් ආයතනය ඊට එරෙහිව ගොණු කළ අභියාචනයකින් පසුවයි.

පාකිස්තානය හා එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව එම ක්‍රීඩාංගනයට එරෙහිව දඩුවම් ලකුණක් පැනවූයේ අදාළ තරගය සදහා යොදා ගත් රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ (below average) බවට තරග තීරකවරයා විසින් තීරණය කිරීම හේතුවෙන්.

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දු යවන්නන්ට යෝග්‍ය නොවන තණතීරුවක් නිර්මාණය කර තිබූ අතර, ඒ අනුව එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 657 ක් ද, පාකිස්තාන පළමු ඉනිමේ දී ලකුණු 579 ක් ද වාර්තා වුණා. කෙසේ වෙතත්, මෙම තරගයෙන් එංගලන්තය ලකුණු 74 ක ජයක් වාර්තා කළා.

ටෙස්ට් තරගයේ දර්ශන සමාලෝචනයට ලක් කිරීමෙන් පසුව අයි.සී.සී අභියාචනා මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත්තේ ක්‍රීඩාංගනයට එරෙහිව පැනවූ දඩුවම් ලකුණ ඉවත් කිරීමටයි.

මීට පෙර පසුගිය මාර්තු මාසයේ දී එම ක්‍රීඩාංගනයේ පැවැති පාකිස්තාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයෙන් පසුව ද තරගයට යොදා ගත් තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ බවට තරග තීරකවරයා තීරණය කළ බැවින් දඩුවම් ලකුණක් ක්‍රීඩාංගනයට එරෙහිව පනවා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...