ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද යළිත් තරග බිමට

Date:

අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තවත් තරගයක් අද(24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ සත්කාරක දකුණු අප්‍රිකා යොවුන් කාන්තා කණ්ඩායමයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.15 ට දකුණු අප්‍රිකාවේ Potchefstroom හී North-West University No1 ක්‍රීඩාංගයේ  දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය මෙය වන අතර, ඔවුන් මේ වන විටත් තරගාවලියෙන් ඉවත් වී අවසන්.

සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණ තවදුරටත් ඉන්දියාවට හිමිව ඇති අතර, ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසුවනවා. දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයේත් පසුවනවා.

සුපිරි 6 වටයේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ එංගලන්තයටත්, දෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...