රාවල්පින්ඩි ක්‍රීඩාංගනයට අයි.සී.සීයෙන් යළිත් දඩුවම් ලකුණක්

Date:

පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා යොදා ගත් රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ (below average) බව ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පවසනවා.

එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් සිය වාර්තාව තුළින් මේ බව ප්‍රකාශයට පත් කර ඇති බවයි අයි.සී.සීය අද(13) නිවේදනය කළේ.

ඒ අනුව ක්‍රීඩාංගනයට එරෙහිව දඩුවම් ලකුණක් ද (demerit point) පැනවීමට අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

තරගයක් සදහා යොදා ගැනෙන තණතීරුව නියමිත සාමාන්‍ය ප්‍රමිතියට වඩා පහළ මට්ටමක් (below average) ඇති බවට නියම කෙරෙන අවස්ථාවලදී එක් දඩුවම් ලකුණක් පනවනු ලබනවා.

තණතීරුවක් “දුර්වල” යැයි තරග තීරකවරයා විසින් ප්‍රකාශයට පත් කළහොත් දඩුවම් ලකුණු 3ක් ද, “නුසුදුසු” යැයි තීරණය කළහොත් දඩුවම් ලකුණු 5ක් ද පනවනු ලබනවා.

මීට පෙර පසුගිය මාර්තු මාසයේ දී එම ක්‍රීඩාංගනයේ පැවැති පාකිස්තාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයෙන් පසුව ද තරගයට යොදා ගත් තණතීරුව නියමිත ප්‍රමිතියට නොතිබූ බවට තරග තීරකවරයා තීරණය කළ බැවින් දඩුවම් ලකුණක් ක්‍රීඩාංගනයට එරෙහිව පනවා තිබුණා.

ඒ අනුව දඩුවම් ලකුණු 2ක් මේ වන විට රාවල්පින්ඩිහි ක්‍රීඩාංගනයට එරෙහිව පනවා ඇති අතර, වසර 5 ක කාලයක් අදාළ දඩුවම් ලකුණු වලංගුව පවතිනවා.

ක්‍රීඩාංගනයකට එරෙහිව පනවනු ලබන දඩුවම් ලකුණු එකතුව 5 ක් වූ විට එම ක්‍රීඩාංගනයේ ජාත්‍යන්තර තරග පැවැත්වීම වසරකට අත්හිටුවීමට පියවර ගනු ලබනවා.

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රිකට් තරගයේ දී පන්දු යවන්නන්ට යෝග්‍ය නොවන තණතීරුවක් නිර්මාණය කර තිබූ අතර, ඒ අනුව එංගලන්ත පළමු ඉනිමේ දී ලකුණු 657 ක් ද, පාකිස්තාන පළමු ඉනිමේ දී ලකුණු 579 ක් ද වාර්තා වුණා.

කෙසේ වෙතත්, මෙම තරගයෙන් එංගලන්තය ලකුණු 74 ක ජයක් වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...