හේසල්වුඩ් ඉවතට ; ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටින ජොෂ් හේසල්වුඩ් මෙම සංචිතය සදහා නම් කර නොමැති අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති ටෙස්ට් තරගාවලියට නම් කළ ටෙස්ට් සංචිතය හා සැසදීමේ දී සංචිතයේ සිදුව ඇති එකම වෙනස්කම වන්නේ මෙම වෙනස්කමයි.

කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ නායක පැට් කමින්ස් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවනවා.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Lance Morris ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතයේ සිය ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Australia squad for first Test v SA:

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Travis Head, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Lance Morris, Michael Neser, Steve Smith, Mitchell Starc, David Warner

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...