Watch : මැතිව්ස්ගේ සුපිරි සටන අපතේ යයි ; ජැෆ්නා කිංග්ස් පිලට ලකුණු 6ක තියුණු ජයක්

Date:

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 38 කින් නොදැවී ලබා ගත් සටන්කාමී ලකුණු 73 අපතේ යවමින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ස්ටාර්ස් කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172 ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 48 දී බිද වැටුණේ තරගයේ ජය පහසුවෙන් කිංග්ස් පිලට හිමි වන බවට ඉගි පල කරමින්. කෙසේ වෙතත්, අනතුරුව සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් කිංග්ස් පිලේ ජයග්‍රහනය තරගයේ අවසන් පන්දුව දක්වාම ප්‍රමාද කළා.

මීට පෙර පැවැති තරගවලදී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස් මෙම තරගයේ දී පිතිකරණයේ නිරත වූයේ අංක 6 පිතිකරුවා ලෙසයි. මැතිව්ස්ගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

තරගයේ ලකුණු ප්‍රමාණය සම කර ගනිමින් සුපිරි පන්දුවාරයක් කරා තරගය රැගෙන යාමටනම් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට මැතිව්ස්ට සිදු වූ නමුත්, සාර්ථකව ලකුණු 6ක් වාර්තා කිරීමට අවසන් පන්දුවේ දී ඔහුට හැකි වූයේ නැහැ.

මැතිව්ස්ට අනගි සහායක් ලබා දුන් බෙනී හොවෙල් පන්දු 20 කින් ලකුණු 43 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් ෆුලර් හා විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 32 බැගින් ලබා දෙමින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

ෂොයිබ් මලික් නොදැවී ලකුණු 35 ක් ද, අවිශ්ක ප්‍රනාන්දු හා සධීර සමරවික්‍රම ලකුණු 32 බැගින් ද රැස් කළා. තිසර පෙරේරා පන්දු 13 කින් වේගවත් ලකුණු 29 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී බෙනී හොවෙල් කඩුලු 2ක් දවා ගත් අතර, නවීන් උල් හක් හා ඩොමිනික් ඩ්‍රෙක්ස් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...