ග්ලැඩියේටර්ස් පිල ෆැල්කන්ස් අපරාජිත බව බිද දමයි

Date:

තනුක දාබරේගේ හා නුවනිදු ප්‍රනාන්දුගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මෙතෙක් පවත්වා ගත් අපරාජිත වාර්තාව බිද දමමින් ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(12) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 154 ක ඉලක්කයක් හඹා ගිය ෆැල්කන්ස් පිලට පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 141 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 29 කට දැවී ගියා. අශේන් බණ්ඩාර පන්දු 30 කින් නොදැවී ලකුණු 41 ක් හා චාමික කරුණාරත්න පන්දු 15 කින් ලකුණු 32 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර හා ලක්ෂාන් සදකැන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තේ ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 10 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

අනතුරුව 5 වැනි කඩුල්ල සදහා ලකුණු 113(87) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට තනුක දාබරේ හා නුවනිදු ප්‍රනාන්දු සමත් වුණා.

තනුක ලකුණු 70 ක් පන්දු 51 කින් රැස් කළ අතර, නුවනිදු පන්දු 50 කින් ලකුණු 56 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කාර්ලස් බ්‍රැත්වෙයිට් ලකුණු 17 කට කඩුලු 3 ක් ද, ඉසුරු උදාන ලකුණු 19 කට කඩුලු 2 ක් ද දවා ගත්තා.

මේ වන විට ෆැල්කන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ තරග 4කින් තරග 3ක් ජය ගනිමින්.

ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරග 4 කින් තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...