Watch : කඩුල්ල පිටුපස සිට අසාම් ඛාන් රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ ආ මෙම තරගයේ දී ගාලු කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ෆැල්කන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඇන්ඩ්‍රි ෆ්ලෙචර් දවා ගැනීම සදහායි අසාම් ඛාන් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඒ, නුවන් තුෂාර යොමු කළ පන්දුවක් හමුවේයි. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් මෙම ඉනිමේ දී රැස් කළේ ලකුණු 8 ක් පමණයි.

අසාම් ඛාන් මෙවර තරගාවලිය පුරාවටම පිතිකරණයෙන් දක්ෂතා දැක්වීමට අසමත්ව ඇති පසුබිමකයි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...