අෆ්රිඩි වෙනුවට පාකිස්තානයට නව තේරීම් කමිටු සභාපතිවරයෙක් පත් කෙරේ

Date:

පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක හරූන් රෂීඩ් එරට තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා.

කමිටුවේ සෙසු සාමාජිකයින් ඉදිරියේ දී පත් කරන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හරූන් 1977 වසරේ සිට 1983 වසර දක්වා වූ කාලයේ දී පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් හා එක්දින තරග 12 ක් ක්‍රීඩා කර තිබුණා.

2015-16 වසරවලදී ද ඔහු එරට තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

මෑතකදී මොහමඩ් වසීම් පාකිස්තාන තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉවත් කෙරුණු අතර, අනතුරුව හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශහිඩ් අෆ්රිඩි එරට තේරීම් කමිටුවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත් කෙරුණා.

අෆ්රිඩි වෙනුවටයි අද දිනයේ දී හරූන් රෂීඩ් එරට තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...