ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග මීර්පූර්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලැබූ කඩුලු 3ක ජයත් සමගින්.

Also Read : ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ජයක් බංග්ලාදේශයට අහිමි වෙයි

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 145 ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 45 ක් ලබා අසීරු තත්ත්වයක පසු වූ නමුත්, ඔවුන් කඩුලු 7ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ රවිචන්ද්‍රන් අශ්වින්ගේ හා ෂ්රෙයස් අයියර්ගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන්.

අශ්වින් නොදැවී ලකුණු 42 ක් ද, අයියර් නොදැවී ලකුණු 29 ක් ද රැස් කළා. අශ්වින් හා අයියර් 8 වැනි කඩුල්ල සදහා ලකුණු 71 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමිනුයි ඉන්දියාව ජයග්‍රහනය කරා රැගෙන ගියේ.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් ලකුණු 63 කට කඩුලු 5 ක් දවා ගැනීම කැපී පෙනුණා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ජයත් සමග ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර, ඔස්ට්‍රේලියාව හමුවේ දකුණු අප්‍රිකාව පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ පරාජයත් සමග ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

ඒ අනුව මෙතෙක් සිය ජයග්‍රාහී ප්‍රතිශතය 55.77 % ක් ලෙස සටහන් කර ගෙන තිබූ ඉන්දියාව මේ වන විට 58.93 % ක ජයග්‍රාහී ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන මීළග තරගාවලිය වන්නේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පෙබරවාරි – මාර්තු මාසවලදී පැවැත්වෙන තරග 4 කින් යුත් ටෙස්ට් තරගාවලියයි.

නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...