බෝලන්ඩ් කණ්ඩායමේ ස්ථානය රැක ගනියි

Date:

දකුණු අප්‍රිකාව සමග හෙට(26) ආරම්භ වීමට නියමිත බොක්සිං දින ටෙස්ට් තරගය සදහා ද ස්කොට් බෝලන්ඩ් ක්‍රීඩා කරන බව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවසනවා.

ඒ අනුව ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක ජොෂ් හේසල්වුඩ්ට මෙම ටෙස්ට් තරගය ද අහිමි වී ඇත්තේ ඔහු තවමත් එම ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින්.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

දෙවැනි ටෙස්ට් තරගය හෙට මෙරට වේලාවෙන් අලුයම 5 ට මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිතයි.

Australia XI:

David Warner, Usman Khawaja, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Mitchell Starc, Nathan Lyon, Scott Boland

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...