Watch : කිලෝ 315 ක ස්පයිඩර් කැමරාව නොකියාගේ ශරීරියේ වැදී සිදු වූ අනතුරු මෙන්න

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර මෙල්බර්න් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා අනතුරකට මුහුණ දුන්නා.

පන්දු රකිමින් සිටින අතරතුර දී කිලෝ ග්‍රෑම් 315 ක බරින් යුත් ස්පයිඩර් කැමරාව (spider cam) ඔහුගේ ශරීරයේ ගැටීම හේතුවෙනුයි මෙම අනතුර සිදු වුණේ.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී 176 ක් ලබා සිටි අවස්ථාවේ දී, එනම් ඉනිමේ 47 වැනි පන්දුවාරය අවසන් වීමත් සමග මෙම අනතුර සිදු වුණා.

අනතුර සිදු වූ අවස්ථාවේ දී නොකියා බිම ඇද වැටුණු නමුත්, ඉන් ඔහුට දැඩි හානියක් සිදු වූයේ නැහැ.

එම අවස්ථාවේ දී වෛද්‍ය කණ්ඩායම් විසින් ඔහුව පරීක්ෂාවකට ද ලක් කරනු ලැබුවා. (දර්ශන පහතින් නරඹන්න)

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 189 ක් රැස් කළ අතර, දෙවැනි දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 386 ක් ලබා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...