රාහුල් ශ්‍රී ලංකා තරගාවලියෙන් ඉවතට ? ; ෂර්මාටත් තරගාවලිය අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය ආරම්භක පිතිකරු කේ එල් රාහුල් ඉවත් කිරීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ නායක රෝහිට් ෂර්මාට ශ්‍රී ලංකාවට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවටයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

එම ආබාධය නිසා ෂර්මාට බංග්ලාදේශයට එරෙහි තෙවැනි එක්දින තරගය මෙන්ම ටෙස්ට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඒ අනුව ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාන්ඩ්යා කටයුතු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයට 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

ඉන්දු – ශ්‍රී ලංකා 20යි 20 තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි 20යි 20 තරගය ජනවාරි 5 වැනිදා පූනේ හී දී ද, තෙවැනි 20යි 20 තරගය ජනවාරි 7 වැනිදා රාජ්කොට් හී දී ද පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 10 වැනිදා ගුවහාටි හී දී යි.

ජනවාරි 12 වැනිදා හා 15 වැනිදා දෙවැනි හා තෙවැනි එක්දින තරග කොල්කටා හා තිරුවනන්තපුරම් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...